Print this page

යුද්ධයෙන් පසු රටේ ඇති වුණ සංවර්ධන යුද්ධය සිදු කළේ ජනාධිපතිතුමායි

ඔක්තෝබර් 29, 2014

ජනාධිපතිතුමා සීමිත සම්පත්වලින් යුද්ධය අවසන් කළ බවත් ආණ්ඩු ගණනාවක් සිටියත් ජනවාර්ගික අර්බුදය අවසන් කරන්න කිසිවකුට හැකි වුණේ නැති බවත් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා පවසයි.


අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (29) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ සිව්වෙනි දින විවාදයට එක්වෙමිනි.

ප්‍රථමයෙන් අද කඳුකරයේ සිදු වූ නාය යාමෙන් මිය ගිය අයගේ පවුල්වලට අපගේ ශෝකය පුද කරනවා. මේ අයට අවශ්‍ය සහන ලබා දෙන්න කියා ඉල්ලා සිටින බවත් අමාත්‍යවරයා කීය.

යුද්ධයෙන් පසුව රටේ ඇති වුණේ සංවර්ධන යුද්ධයයි. එය සිදු කළේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමායි. සංවර්ධන යුද්ධයක් පවතින මේ අවස්ථාවේ ජාතීන් අතර නැවතත් විරසකයක් ඇති වීමට ඉඩ ලබා දිය යුතු නැති බවත් සාර්ථක අයවැයක් ඉදිරිපත් කර ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

NDH/HC