Print this page

විපක්ෂයේ කතා සියල්ල ම එක ම තැටියක කතා

ඔක්තෝබර් 29, 2014

ජනාධිපතිතුමා ඉදිරිපත් කළ අය-වැය ජනතාවාදී අය-වැයක් බවත් මේ සඳහා අදහස් දුන්නේ මේ රටේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන අය බවත් ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි.


අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (29) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ සිව්වෙනි දින විවාදයට එක්වෙමිනි.

විපක්ෂයේ කතා සියල්ල ම එක ම තැටියක කතා ලෙස හැඳින්විය හැකියි. එදා අය-වැය හැදුවේ සුදු මහත්වරුන්. යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩසටහනින් තමයි අපිට තිබූ රාජ්‍ය ආයතන විකුණා දැමුවේ. අද යාපනය ගැන කතා කරනවා. පැය 04න් යාපනයට යනවා. යාල් දේවී දුම්රිය වසර කීයකට පසුව ද යාපනයට ගියේ. බිම් බෝම්බ ඉවත් කර පාරවල් සකස් කර තිබෙන බවත් අද බෝම්බ වළලපු තැන්වල වගා කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

NDH/HC