Print this page

පොලිස් සේවයට මහින්ද චින්තනයෙන් දුන් පොරොන්දු ඉටු කරමින් සිටිනවා

නොවැම්බර් 04, 2014

පොලිස් සේවය නවීකරණය කරමින් මහජනයාට මිත්‍රශීලී සේවයක් බවට පොලිස් සේවය පත් කරන බවට මහින්ද චින්තනය දුන් පොරොන්දු ඉටු කරමින් සිටින බව දිගාමඬුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ශ්‍රියාණි විජේවික්‍රම මහත්මිය පැවසුවාය.


මන්ත්‍රීවරිය මේ බව පැවසුවේ අද (04) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ දෙවැනි දින විවාදයට එක්වෙමිනි.

පොලිස් නිලධාරියා ජනතාව සමඟ සිටින අයෙක්. ඔහුගේ මහජන විශ්වසනීයත්වය ඉතා වැදගත් වෙනවා. නිලධාරීන් දැනුමෙන් වැඩිදියුණු කළ යුතුයි. නවීන තාක්ෂණය ඔවුන්ට ලබා දී දැනුම වැඩිකිරීමට වැඩසටහන් සකස් කළ යුතු බව ද ඇය පෙන්වා දුන්නාය.

NDH/HC