Print this page

උතුරේ ආර්ථිකය නංවාලීමට රජය විශාල ආයෝජනයක් සිදුකර තිබෙනවා

නොවැම්බර් 04, 2014

රාජපක්ෂ ජනාධිපතිතුමාගේ අය-වැය ජනතාවට යහපතක් වී ඇති බවත් අද උතුරේ ආර්ථිකය නංවාලීමට රජය විශාල ආයෝජනයක් සිදුකර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා පවසයි.


මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (04) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ දෙවැනි දින විවාදයට එක්වෙමිනි.

සම්බන්ධන් මහතා ද්විපාර්ශවික ගිවිසුමක් ගැන කතා කළා. කෝ මේ ගිවිසුම ඉදිරිපත් කරන්න. එල්.එල්.ආර්.සී. කොමිසමේ නිර්දේශ රැසක් මේ වන විට ක්‍රියාත්මක කර තිබෙනවා. ප්‍රායෝගික ව විශ්වසනීයත්වය ඇති කළ යුතුයි. කොටි සාමාජිකයන් 11,000ක් පමණ පුනරුත්ථාපනය කර සමාජගත කර තිබෙනවා. නමුත් දෙමළ ජාතික සන්ධානය යළි බෙදුම්වාදය වපුරනවා. එවිට හමුදාව උතුරෙන් එක්වරම ඉවත් කර ගත හැකිද? නැවත යුද්ධය අවශ්‍ය ද නැවත බෙදුම්වාදය අවශ්‍ය ද ජනතාවට සංවර්ධනය අවශ්‍ය ද යන්න තීරණය කළ යුතුයි. නැතිනම් ජනතාව ඔබට එරෙහිව නැගි සිටීවි යනුවෙන් ඔහු පෙන්වා දුන්නේය.

NDH/HC