Print this page

රට ගැන සිතා කටයුතු කළ එක ම රාජ්‍ය නායකයා ජනාධිපති මහින්ද රාජපක්ෂ

නොවැම්බර් 04, 2014

යුද පිළිකාව ඇති වූ දා සිට සිටි රාජ්‍ය නායකයන්ට වඩා රට ගැන සිතා කටයුතු කළ එක ම රාජ්‍ය නායකයා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බව වරාය මහාමාර්ග හා නාවුක කටයුතු ව්‍යාපෘති අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.


අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (04) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ දෙවැනි දින විවාදයට එක්වෙමිනි.

නිදහස ලබා දීමට කැප වූ ජනාධිපතිතුමා, ආරක්ෂක ලේකම්තුමා ඇතුළු සියලු රණ විරුවන්ට ප්‍රණාමය පුද කරනවා. මුරලිදරන් නියෝජ්‍ය ඇමැතිවරයාට එක් ඇඟිල්ලක් එජාපය දිගුකරන විට එජාපයට ඇඟිලි හතරක් නැමිලා කියා අජිත් මන්ත්‍රිතුමාට පේන්නේ නැහැ. එල්.ටී.ටී.ඊ.  බීජය වැවෙන්න අවශ්‍ය දේ දුන්නේ කවුද? 83 ජූලි කලබලවලදී පොලිසියට නිවාඩු දීලා කොළඹ හිටපු දෙමළ අය  මරා දැමුමේ කවුද? සම්බන්ධන් මහත්තයාට මේවා මතක නැහැ. ප්‍රේමදාස ජනාධිපතිතුමා අවි ආයුධ, සිමෙන්ති, මුදල් දුන් හැටි මුරලිදරන් මන්ත්‍රීවරයා කිව්වා.මේ ප්‍රශ්න ප්‍රහාර එල්ල කරන්න කොටින්ට උපකාර කළේ එජාපය බව ඔහු අවධාරණය කළේය.

ලැජ්ජා නැතිව එජාපය කතා කරනවා. රටෙන් කොටසක් ලිඛිත ව කොටින්ට ලියලා දුන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයයි. ජනාධිපතිතුමා රට බේරාගෙන වසර 5යි. එතුමාව තවත් පරම්පරා හතක් ඉතිහාසයේ ලියාවි යැයි ද ඔහු අවධාරණය කළේය.

 

NDH/HC