Print this page

ඵලදායී ශ්‍රම බලකායක් රටේ සංවර්ධනයට දායක කර ගැනීම රජයේ අරමුණයි

නොවැම්බර් 05, 2014

ඵලදායී ශ්‍රම බලකායක් රටේ ආර්ථික, සමාජයීය සංවර්ධනයට දායක කර ගැනීම රජයේ අරමුණ බව කම්කරු හා කම්කරු සබඳතා නියෝජ්‍ය අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.


අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (05) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ තෙවැනි දින විවාදයට එක්වෙමිනි.

කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍යාංශයේ වැය ශීර්ෂය අද පෙරවරුවේ විවාදයට ගැනිණි.

ඵලදායී ශ්‍රම බලකායක් ඇති කරගන්න කාර්මික සාමය අවශයයි. කර්මාන්ත 8,000කට වඩා තිබෙන රටේ වැඩවර්ජන නැහැ. තාක්ෂණයත් යොදාගෙන කම්කරුවාගේ සෞඛ්‍ය මෙන් ම සුරක්ෂිතතාව ද ඇති කර තිබෙනවා. කම්කරු අණපනත් නීතිරීති හඳුන්වාදී ගැටලු අවම කිරීමත් සිදු කර තිබෙනවා. අර්ථසාධක අරමුදලේ මුදල් ප්‍රමාණය වැඩි වී තිබෙනවා. ළමා ශ්‍රමය ඉවත් කිරීමට අපිට හැකි වී තිබෙනවා අතර දිස්ත්‍රික් මට්ටමින් මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

NDH/HC