Print this page

අය-වැය කාරක සභා අවස්ථා‍වේ විවාද‍යේ ‍තෙවැනි දිනය අද‍ Featured

නොවැම්බර් 05, 2014

විසර්ජන පනත් ‍කෙටුම්පත (අය-වැය) 2015 ‍වෙනු‍වෙන් කාරක සභා අවස්ථාවේ විවාදය සඳහා වෙන් කළ දින 17න් 3 වැනි දිනය වන අද (05) අමාත්‍යාංශ දෙකක වැය ශීර්ෂයන් සඳහා පාර්ලි‍මේන්තු විවාදය පැවැත් ‍වේ.


කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍යංශය සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ වැය ශීර්ෂයන් සම්මත කර ගැනීම සඳහා ආණ්ඩු පක්ෂය අද පාර්ලි‍මේන්තුවට ඉදිරිපත් කර ති‍බේ.


‍පෙරවරු 10.00 සිට පස්වරු 12.30 දක්වා කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍යංශ වැය ශීර්ෂය විවාදයට ගත් අතර මේ වනවිට ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ වැය ශීර්ෂය ද විවාදයට ගැනේ. එය  පස්වරු 6.30 දක්වා පැවැත්වේ.


කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍යංශය අමාත්‍යාංශයේ පුනරාවර්තන වියදම් සඳහා රු. 1,372,160,000ක් ද මූලධන වියදම් සඳහා රු. 500,350,000ක් ද අනුමත කරගැනීමට ද,


ආර්ථික සංවර්ධන පුනරාවර්තන වියදම් සඳහා රු. 38,000,000,000ක් ද මූලධන වියදම් සඳහා රු. 75,000,000,000ක් ද අනුමත කරගැනීමට ආණ්ඩු පක්ෂය අ‍පේක්ෂා කරයි.


අනතුරු ව සභාව කල්තැබී‍මේ අවස්ථා‍වේ ‍යෝජනාව පිළිබඳ විවාදය ආරම්භ ‍වේ.


HC/NDH