Print this page

කම්කරුවන්ට රක්ෂණය මෙන් ම විශ්‍රාම වැටුප් ක්‍රමයක් ඇති කිරීමට ද අය-වැයෙන් අවධානය

නොවැම්බර් 05, 2014

කම්කරුවන්ට රක්ෂණය මෙන් ම විශ්‍රාම වැටුප් ක්‍රමයක් ඇති කිරීමට ද අවධානය යොමු ව ඇති බවත් ඇඟලුම් ක්ෂේත්‍රයට විශ්‍රාම වැටුපක් යෝජනා කරන විට අර්ථසාධක අරමුදල්‍ ප්‍රශ්නයක් ගෙනවිත් එය කඩාකප්පල් කළ බවත් ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ආතාවුද සෙනෙවිරත්න මහතා පවසයි.


අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (05) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ තෙවැනි දින විවාදයට එක්වෙමිනි.

කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍යාංශයේ වැය ශීර්ෂය අද පෙරවරුවේ විවාදයට ගැනිණි.

ගොවි ජනතාව ඇතුළු විවිධ ක්ෂේත්‍රවල ජනතාව කෙරෙහි අය-වැයෙන් අවධානය යොමුව තිබෙනවා. රාජ්‍ය අංශයට සෑම වසරක ම එක්තරා ප්‍රමාණයකින් වැටුප් වැඩිවීමක් සිදු කළා. දීමනා 10,000 දක්වා වැඩි කළා. රාජ්‍ය සේවක අවම වේතනය රුපියල් 15,000ක් කළා. වෘත්තිය සමිති මෙන් ම ස්වාමි පක්ෂය සමඟ ද ජනාධිපතිතුමා අය-වැය සකස් කරන්නට පෙර සාකච්ඡා කළ නිසා මෙවර අය-වැයෙන් සහන ලබා දීමට හැකි වූ බව අමාත්‍යවරයා පෙන්වා දුන්‍නේය.

NDH/HC