Print this page

යුද්ධයෙන් පසුව අපේ ආණ්ඩුවට ලැබුණේ අලුත් අභියෝගයක්

නොවැම්බර් 05, 2014

යුද්ධයෙන් පසුව අපේ ආණ්ඩුවට ලැබුණේ අලුත් අභියෝගයක් බවත් නැවත පදිංචි කළ ජනතාවට අවශ්‍ය සියලු දේ දීමට මේ රජයට සිදු වුණ බවත් සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.


අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (05) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ තෙවැනි දින විවාදයට එක්වෙමිනි.

ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය අද පස්වරුවේ විවාදයට ගැනිණි.

බොහෝ අවස්ථාවලදී වැරදි අදහස් දෙමළ ජාතික සන්ධානය ඉදිරිපත් කළා. උතුරු වසන්තය වැඩසටහන යටතේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කළා. දෙමළ ජාතික සන්ධානයේ ක්‍රියාකාරකම් නිසා දෙමළ ජනතාව අසීරුවට ලක් වුණා. ඔවුන්ට මේ වන විටත් අවශ්‍යතා තිබෙනවා. මේ සඳහා තවත් වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටිනවා. උතුරේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ගැන සාකච්ඡා කිරීමට එන්නැයි උතුරේ මහ ඇමැතිවරයාට බැසිල් ඇමැතිතුමා ආරාධනා කළත් ආවේ නැති බවත් රජය උදව් කරන්නේ නැතැයි විග්නේෂ්වරන් මහතා ජාත්‍යන්තරයට කියන බවත් ඔහු අවධාරණය කළේය.

NDH/HC