Print this page

ගම නැගිට වූ වැඩපිළිවෙළක් බැසිල් ඇමැතිතුමා රට පුරා ක්‍රියාත්මක කරනවා

නොවැම්බර් 05, 2014
පුද්ගලයා, පවුල නැගිටුවා ගම නැගිට වූ වැඩපිළිවෙළක් බැසිල් ඇමැතිතුමා රට පුරා ක්‍රියාත්මක කරන නිසා අපේ ගෞරවය එතුමාට පුද කළ යුතු බව විදුලිබල අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.


අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (05) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ තෙවැනි දින විවාදයට එක්වෙමිනි.

ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය අද පස්වරුවේ විවාදයට ගැනිණි.

ලංකාවේ ගත් මහා ප්‍රගතිශිලී පියවරක් තමයි වාරක 72න් තම විදුලිබිලෙන් ම අඩුවෙන ලෙස විදුලිය ගන්න සකස් කළ වැඩපිළිවෙළ. ඒ නිසා ගමට විදුලිය ගෙන යන්න හැකි වුණා. 24,000ක් සමෘද්ධි නිලධාරීන් වෙනුවෙන් කළ සේවය නොසලකා හඳුන්නෙත්ති මහතා කතා කළා. උපාධිධාරීන් සියලු දෙනාට රැකියා දීලා සංවර්ධනයට යොදා ගත්තාම හිතේ තියෙන කුහකකමට මේ කතා කියනවා යැයි ඇය සඳහන් කළාය.

කෘෂි ආර්ථිකයෙන් ජීවත්වුණු ජනතාවට පිහිට වෙන්න එදා වැඩපිළිවෙළක් තිබුණේ නැහැ. ගමේ පුංචි පාර කොන්ක්‍රීට් කරලා කාපට් කළා . මේවා  හදපු එක වැරදිද? එදා මාතෘ සායන තිබුණේ පන්සලේ. අද මාතෘ සායන සඳහා නවීන තාක්ෂණය යොදාගෙන තිබෙනවා යැයි ද අමාත්‍යතුමිය පෙන්වා දුන්නාය.

NDH/HC