Print this page

මහින්ද රාජපක්ෂ මැතිතුමා තුන් වෙනි වරටත් මේ රටේ ජනාධිපතිවරයා බවට පත් වෙනවා

නොවැම්බර් 07, 2014

මහින්ද රාජපක්ෂ මැතිතුමා තුන් වෙනි වරටත් මේ රටේ ජනාධිපතිවරයා බවට පත් වෙන බවත් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ලබන වසරේ 31 වෙනි වරටත් මැතිවරණයෙන් පරාජය වී වාර්තාවක් තබන බවත් මහාමාර්ග, වරාය හා නාවුක කටයුතු පිළිබඳ ව්‍යාපෘති අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.


අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (07) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ සිව්වැනි දින විවාදයට එක්වෙමිනි.

මහා මාර්ග, වරාය හා නාවික අමාත්‍යාංශයේ 117 වැය ශීර්ෂයත් සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ 176 වැය ශීර්ෂයත් අද පෙරවරුවේ විවාදයට ගැනිණි.

කොළඹ වරාය 2013 වසරේ ණය වාරික ගෙවා, සමස්ත වියදම් අවසන් කරමින් රුපියල් මිලියන 2016ක් ලාභ ලබා තිබේ. 2014 සැප්තැම්බර් වන විට රුපියල් මිලියන 7853ක් ලාභ ලබා ඇත. හම්බන්තොට වරාය ගැන කතා කළ විට එය මේ රටේ ආන්දෝලාත්මක ප්‍රශ්නයක් කර ගත්තා. 2013 සිට 2014 සැප්තැම්බර් වන විට රුපියල් මිලියන 615ක් ලාභ ලබන්න හම්බන්තොට වරාය සමත් ව ඇත. මේ අවුරුදු 02 ඇතුළත 226,323ක් වාහන ප්‍රතිඅපනයනය කිරීමට මාගම් රුහුණුපුර වරායට හැකි වී තිබේ. එහෙත් කොළඹ වරායේ ප්‍රතිඅපනයනය කර ඇත්තේ වාහන 647ක් පමණි. කොළඹ වරායේ දින 21ක් වාහන තබා ගැනීමට රුපියල් 73,603ක් ගෙවිය යුතු වුවත් හම්බන්තොට වරායේ ගෙවිය යුත්තේ රුපියල් 22,196ක් පමණක් බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

2014 අවසන් වන විට රුපියල් මිලියන 7,953ක් ලාභ ලබන්න වරායෙන් අපේක්ෂිතයි. හම්බන්තොට වරායේ අයිතිය ශ්‍රී ලංකා රජය සතු බව අවධාරණය කළ අමාත්‍යවරයා මෙහි එක් බිම් අඟලක් වෙන කාටහරු අයිති බවට තහවුරු කළොත් ඇමතිකමින් අස්වෙන බවට අභියෝග කරන බවත් සඳහන් කළේය. හැමදාම මේ රටේ දේපොළ ටික විකුණුවේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවයි. සීනි කර්මාන්ත ශාලා, ත්‍රීකුණාමල වරාය විකුණුවා. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මේ රටේ එක බිම් අඟලක්වත් රටේ එක රාජ්‍ය ආයතනයක්වත් විකුණුවේ නැති බව ඔහු අවධාරණය කළේය.

NDH/HC