බොරු ප්‍රචාර වලට නොරැවටී වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙස මා මහජනතාවගෙන් ඉල්ලා සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියි.
රටේ සාමයට බාධා කෙරෙන,අසමඟිය ඇති කරන කිසිවක් සිදු නොකරන ලෙසත් රටේ ජාතික උන්නතිය සඳහා,ජාතික සමඟිය සඳහා ගත් නීති රීති පිළිබඳව දැනුවත් වන ලෙසත් ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා පවසයි.
ඇතැම් සමාජ මාධ්‍ය අත් හිටුවීම මහජන ආරක්ෂාව තහවුරු කිරීමට සමාජය ආරක්ෂා කිරීමට තාවකාලිකව ගත් පියවරක් බව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජනාධිපති ලේකම් නීතිඥ කපිල වෛද්‍යරත්න මහතා පවසයි.
රට තුළ උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය පාලනය කිරීමට ගතයුතු සියලු පියවර මේ වනවිට රජය විසින් ක්‍රියාත්මක කර ඇත.