ශ්‍රී ලංකාවේ බල පවත්නා වූ නීතින්ට එරෙහිව යන පරිදි ප්‍රචණ්ඩකාරී හැසිරීම්වලට හෝ වෛරී සහගත ප්‍රකාශනයන්ට පෙළඹවීම ඇතිකරන ක්‍රියාවන්හි නිරත නොවීමට සියලුම ශ්‍රී ලාංකිකයන්ද විශේෂයෙන් ජනමාධ්‍ය ආයතන ද සැලකිලිමත් විය යුතු අතර ඉහත කී ආකාරයේ ප්‍රචණ්ඩ පෙළඹවීම් හෝ වෛරී සහගත භාවිතයන් සහිත ප්‍රකාශයන් පළ නොකිරීමට සහ ප්‍රසිද්ධ නොකිරීමට ද සියල්ලන්ව කටයුතු කළ යුතුය.
මහනුවර ප්‍රදේශයේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් සොයාබැලීමට නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකුගෙන් හා පොලිස් කණ්ඩායම් තුනක් මහනුවර ප්‍රදේශයට පිටත් කර තිබේ.
ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයින්ට ඔන්ලයින් ගුවන්තොටුපළේදීම වීසා නිකුත් කිරීමෙන් පසුගිය වසරේ (2017) ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 700ක ආදායමක් ලැබී ඇත.
ඉදිරි දිනවල දී (විශේෂයෙන් 09 වනදා සිට)නැවතත් වැසි සහිත කාලපරිච්ඡේදයක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.