දියෙහි අනතුරු අවම කිරීමේ අරමුණ පෙරදැරි කරගනිමින් ජපානයේ නගකෝ විශ්වවිද්‍යාලයේ මහචාර්යවරුන්ගෙන් සමන්විත පුහුණු මණ්ඩලයක් විසින් ජිවිතාරක්ෂක වැඩසටහන පසුගිය දා නාරාහේන්පිට පොලිස් ජල ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්විණි.
දකුණු කොරියාවේ නිෂ්පාදන හා ඉදිකිරීම් ක්ෂේත්රයේ රැකියා බලාපොරොත්තුවන තරුණ තරුණියන් සඳහා 2018 වර්ෂයට අදාදාළ ඇගයුම් මත ලකුණු දීමේ ක්‍රමවේදය යටතේ පැවැත්වෙන කොරියානු භාෂා ප්‍රවීණතා පරීක්ෂණ මාර්තු මස 19 දින ආරම්භ වීමට නියමිතය.
දිවයිනේ ළමා නිවාස හා පාසල් ආශ්‍රිතව සිදුවන ළමා අපයෝජන සිදුවීම් පිළිබඳව තොරතුරු තිබේ නම් වහාම 1929 ශ්‍රී ලංකා ළමා දුරකථන සේවය අමතා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත පැමිණිලි කරන ලෙස සියලු ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.
පාසල් දරුවන් බෝනොවන රෝගවලින් ආරක්ෂා කර ගැනිම සදහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධ ජාතික වැඩපිළීවෙළක් දියත් කිරීමට සැළසුම් කර ඇත.