පෙබරවාරි 28, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    සියලු ජාතිවාදී හා ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් රජයක් වශයෙන් අප තරයේ හෙළා දකින බවත් වගකිව යුතු රජයක් වශයෙන් මෙවැනි නීතිවිරෝධී හා ප්‍රචණ්ඩ ක්‍රියා අනුමත කිරීමට කිසිදු හැකියාවක් නොමැති බවත් ජාතිවාදය මතින් තම අරමුණු ඉටුකරගැනීමට මාන බලන දේශද්‍රෝහීන්ගේ ගොදුරු බවට පත් නොවී ඉවසිලිවන්තව, බුද්ධිමත්ව හා විචක්ෂණශීලීව කටයුතු කරන ලෙස අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (6) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

     
    දින හතක් සඳහා වුවමනා වුවහොත් හදිසි නීතිය පැනවීමට අමාත්‍ය මණ්ඩලය තීරණයකට එළැඹුණු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (06) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

     

    ශ්‍රී ලංකාවේ 1971 පමණ සිට පැවැති අතුරුදහන් කරවීම් සම්බන්ධයෙන් නිසිලෙස සොයා බලා සත්‍ය හෙළිකිරීමට වසර 74කට පසු හෝ ස්ථිර කාර්යාලයක් ආරම්භ කිරීම සඳහා නිර්භීත පියවරක් තැබීම සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුවටත් විශේෂයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත් අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුවේ ගෞරවය පුදකරන බව එහි කැඳවුම්කරු බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා පවසයි.

    ඒ මහතා මේ බව පැවසුවේ නිදහසේ වේදිකාව මගින් මරදානේ සමාජය හා සාමයික කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ අද(06) පැවැත් වූ මාධ්‍ය හමුවකදීය.

    අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයේ කොමසාරිස් වරුන් පත්කිරීම පිළිබඳව විවිධ විචේචන එල්ලවන නමුත් එම ජාතිවාදී විවේචන මධ්‍යයේ අතුරුදහන් වින්දිතයින්ට සාධාරණය ඉටු කිරීමය දේශපාලන හෝ වෙනත් කිසිදු බලවේගයකට යටත් නොවී ස්වාධීනව ක්‍රියාකිරීමට එම කොමසාරිස් වරුන්ට ශක්තිය ලැබෙනු ඇතැයි එම සංවිධානය ප්‍රාර්ථනා කරන බවද ඒ මහතා කීය.

    මෙම කාර්යාලයේ කොමසාරිස් වරියක් ලෙස පත්කොට සිටින අචාර්ය නිමල්කා ප්‍රනාන්දු මහත්මියව පත්කිරීම සම්බන්ධයෙන් සමහරු චෝදනා කරන නමුත් 1989 යුගයේ අතුරුදහන්වූවන් පිළිබඳව කරුණු කීමට මහින්ද රාජපක්ෂ සහ වාසුදේව නානායක්කාර මහත්වරු ජිනීවා ගියේ අචාර්ය නිමල්කා ඇතුළු කිහිපදෙනෙකුගේ උදව්වෙන් බවද බ්‍රිටෝ ප්‍රනාන්ද මහතා මෙහිදී පෙන්වා දුන්නා.
    ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු ජයතිලක ,ජයතිලක බණ්ඩාර, රාජා උස්වැටකෙයියාව නඩේසන් සුරේෂ යන මහත්වරුන්ද මෙම මාධ්‍යහමුවේදී අදහස් දැකුවූහ.

    මහනුවර තෙල්දෙණිය හා දිගන ප්‍රදේශයේ ඇති වූ තත්ත්වයන් සම්බන්ධයෙන් අද (6) පාර්ලිමේන්තුවේ දී සභාව කල්තැබීමේ යෝජනාවක් විවාදයට ගැනිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya