දියවර දිරිය සහන ණය යෝජනා ක්‍රමය මඟින් 2017 වසර තුළ ප්‍රතිලාභීන් 67 දෙනෙකු සඳහා ණය පහසුකම් ලබාදීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය කටයුතු කර ඇති අතර එහි වටිනාකම රුපියල් මිලියන 171.52ක් බව ධීවර අමාත්‍යාංශය 2017 වසරට නිකුත් කළ කාර්යසාධක වර්තාවේ සඳහන් වෙයි.
කොළඹ සහ කොළඹ අවට ප‍්‍රදේශයට 2020 දී බාධාවකින් තොරව පානීය ජල පහසුකම් ලබා දීමට හැකිවන පරිදි දැනට ක‍්‍රියාකරන ජල සම්පාදන ක‍්‍රම සංවර්ධනය කරන ලෙසත්,අළුතින් ආරම්භ කිරීමට නියමිත ව්‍යාපෘතීන් කඩිනමින් ආරම්භ කිරීමටත් පියවර ගන්නා ලෙස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා නිලධාරීන්ට නියෝග කරන ලදී.
වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අද (5) සිට මාර්තු 08 දින දක්වා බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ බෝනොවන රෝග පාලනය කිරීම සදහා වූ ප්‍රමුඛ පෙළේ ස්වාධීන කොමිසමක සම සභාපතිධූරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පිරිනමා ඇත.