පාසල් අවට මීටර් 100 ක දුරින් දුම්වැටි අලෙවි කිරීම තහනම් කිරීමේ ගැසට් නිවේදනය අප්‍රේල් මස 07 දිනට යෙදෙන ලෝක සෞඛ්‍ය දිනය දා ප්‍රකාශයට පත් කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා තීරණය කර ඇත.
ශ්‍රී ලංකාවේ මාතෘ හා ළදරු මරණ අවමවීම සහ සජීවී දරු උපත් සංවර්ධනය වූ රටවලට සමාන අගයක් ගැනීම අගය කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනයක් නිකුත් කර ඇත.
මැතිවරණය හේතුවෙන් කල්දැමූ සම්මුඛ පරීක්ෂණ ඉදිරි මාස දෙක තුළදී පවත්වා දිවයිනේ සියලූ උපාධිධාරින්ට රැකියා ලබාදීමේ කටයුතු ඉදිරි මාස 06 තුළ කි‍්‍රයාවට නංවන බව ජනාධිපතිතුමා පවසයි.
අපවත්වී වදාළ ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපති පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය මාර්තු 08 දින රජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වෙයි.