මනම්පිටිය දෙමළ මහා විද්‍යාලයේ ඉදිකළ තෙමහල් පංතිකාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීම සදහා ජනාධිපතිතුමා ඊයේ (2) පෙරවරුවේ එක්විය.
ස්වදේශීය කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල මහතා කොළඹ නිදහස් චතුරස්‍ර පෙදෙසේ පිහිටි ස්වදේශ කටයුතු අමාත්‍යාංශ කාර්යාලයේ දී ඊයේ (2) සිය ධුරයේ වැඩ ආරම්භ කළේය.
දැනට පවතින විශ්වවිද්‍යාලයීය අනධ්‍යයන සේවක වැඩ වර්ජනය නිසා 2018 මාර්තු මස 03 සහ 04 යන දෙදින තුළ පැවැත්වීමට නියමිතව තිබූ කොළඹ විශ්වවිද්‍යාලීය ජනමාධ්‍ය ඩිප්ලෝමා පරීක්ෂණය එම දෙදින තුළනොපැවැත්වෙන බවත්, පරීක්ෂණය පැවැත්වෙන දිනය පසුව දැනුම්දෙන බවත් පාඨමාලා සම්බන්ධීකාරක මහාචාර්ය සමන්ත හේරත් මහතා නිවේදනය කර සිටී.
මෙඩිකෙයා 2018 ජාතික සුව සේවා ප්‍රදර්ශනය සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(2) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ විය.