ලෝක වනජීවී දිනය මාර්තු 03 අදට යෙදී තිබේ.ලෝකයේ වෙසෙන සියලු සත්ත්ව හා ශාකවල සුරක්ෂිතතාවය සළකමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය මාර්තු 03 දින ලෝක වනජීවී දිනය ලෙස නම් කර ඇත.
කළුතර දිස්ත්‍රික්කයේ පවතින පානීය ජල ගැටළුව විසඳීම සඳහා දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සහ ජාතික ජල සම්පාදන මණ්ඩලය එක්ව දැනටමත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි කළුතර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පවසයි.
වංචාවට, දූෂණයට එරෙහි තම ප‍්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නොමැති අතර, ජනතාවට අවශ්‍ය සංවර්ධන වැඩපිළිවෙළ අක‍්‍රමිකතාවයෙන් තොරව, නිවැරදිව සහ විනිවිදභාවයෙන් යුතුව ඉදිරියට කි‍්‍රයාත්මක කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකසන බව ජනාධිපතිතුමා පවසයි.
මෙරට වාරි කර්මාන්තයේ අතීත දියුණුව යළි රට තුළ ඇති කරමින් කෘෂි කර්මාන්තයෙන් රට අස්වද්දා ස්වයංපෝෂිත ජාතියක් ලෙස නැඟී සිටීමේ වැඩපිළිවෙළ යටතේ වැව් 2400 ක් ප‍්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහනේ සමාරම්භය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (02) පෙරවරුවේ සනිටුහන් කෙරිණි.