පෙබරවාරි 27, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ජාතික ආර්ථීක සභාව මගින් ආර්ථීක පුනර්ජීවනය උදෙසා ඒකාබද්ධ ණය යෝජනා ක්‍රම 100ක පුථල් වැඩපිළිවෙළක් ඉදිරිපත් කර තිඛෙන අතර, ඒ් පිළිබද ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ රාජ්‍ය බැංකු ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

    ගිරිතලේ ජනපදය කණිෂ්ඨ විද්‍යාලයේ නව පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීම වෙනුවෙන් සංවිධානය කළ උත්සවයක් අද (01) පෙරවරුවේ   ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාලයේ දී පැවැත්විණි.

    ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරීන් සඳහා ස්වයං විනය, ආයතනික විනය සහ නායකත්ව පිළිබඳ පුහුණුව ලබාදීමේ වැඩසටහනක් අතරතුර සිදු වූ හදිසි අනතුරක් හේතුවෙන් හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පතිවරිය පසුගිය 17 වනදා ජීවිතක්ෂයට පත්විය. රාජකාරී පුහුණුවක් අතරතුර නිලධාරියෙකු අනතුරට පත් වීමේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් අමාත්‍යාංශ මට්ටමින් පූර්ණ අපක්ෂපාතී විමර්ශනයක් සිදුකොට ඒ සම්බන්ධයෙන් වන වාර්තාවක් කඩිනමින් තමාට ලබා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතාට නියෝග කළා. අදාළ වාර්තාව ඊයේ දිනයේ අමාත්‍යවරයා වෙත භාරදුන් අතර එම විමර්ශනයට අදාළ සියලු නිර්දේශයන් ක්‍රියාත්මක කරන ලෙස අමාත්‍යවරයා විසින් අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් ලබා දුන් බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. 

    ශ්‍රී ලංකාවේ ප්‍රථම ඔලිම්පික් පදක්කම්ලාභීයා වන ඩන්කන් වයිට් මහතාගේ ජන්ම ශත සංවත්සරය මාර්තු 01 අදට යෙදී තිබෙන අතර, ඒ වෙනුවෙන් විශේෂ මුල් දින කවරයක් නිකුත් කිරීම ඊයේ (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya