දිවයිනට දකුණු සහ ගිනිකොණ දෙසින් වන මුහුදු ප්‍රදේශවල පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන්, ගාල්ල සිට හම්බන්තොට හරහා මඩකළපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි ඇතිවිය හැකි අතර සුළං වේගය ක්ෂණිකව (පැ.කි.මී. 70-80 පමණ) ඉහළ යාමට ඉඩ ඇති හෙයින් එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (28) නිකුත් කළ කාලගුණ නිවේදනයේ සඳහන් වෙයි.
ගාල්ල, උඩුගම ශ්‍රී මහා බෝධිරාජ විහාරස්ථානයේ මහජන සුරක්ෂිත මධ්‍යස්ථානය විවෘත කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධනත්වයෙන් පසුගිය දා සිදු කෙරිණි.
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලබන 2017/18 ''රන් අස්වනු කලා උළෙල'' මාර්තු මස 02 දින ප.ව. 2.00ට කොළඹ, බිෂොප් විද්‍යාලීය ශ්‍රවණාගරයේ දී පැවැත්වීමට නියමිතය.
රෝගී තදබදය අවම කිරීම සදහා මෙම වසර අවසන් වනවිට රුධිර කාන්දුකරණ යන්ත්‍ර 1000 ක් දිවයින පුරා ස්ථාපිත කරන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.