පොළොන්නරුව දිස්ත්‍රික් විශේෂ සංවර්ධන කමිටු රැස්වීමට සහභාගි වී නැවත පැමිණෙමින් සිටින අතරතුර, ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජීවනෝපාය වැඩිදියුණු කිරීමේ වැඩසටහන යටතේ ප්‍රතිලාභ ලැබ, පලතුරු යුෂ අලෙවිසැලක් පවත්වාගෙන යන කුඩා ව්‍යාපාරිකයකුගේ අලෙවි කුටියකට ගොඩවැදුණේය.
පොළොන්නරුව දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ පැවත්විණි.
රටේ ජනතාව ඡන්දය දුන්නේ 25%ක කාන්ත නියෝජනය බලාපොරොත්තුවෙන් බවත් එම නෛතික ප්‍රතිපාදනය අනුගමනය කිරීමට රජය සහ මැතිවරණ කොමිෂන් සභාව බැදී සිටින බව පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීම මාර්තු 20 දක්වා දීර්ඝ කිරීමට බලාපොරොත්තු වන බවත් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා පවසයි.
දිවයින ආසන්නයේ පවතින තරංගාකාර කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා තවදුරටත් වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.