ප්‍රාදේශීය පරිපාලනය සඳහා එකතුවෙන නිලධාරීන් ලෙස අහිංසක දුප්පත් ජනතාවගේ දුක,කඳුල, වේදනාව ට විසඳුම් ලබාදිය යුතු බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.
වැලිකන්ද සහ දඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ප්‍රතිලාභීන් 636කගේ ජීවනෝපාය මාර්ග සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 29 ක් වටිනා උපකරණ කට්ටල ප්‍රදානය කිරීමේ වැඩසටහනක් ඊයේ(26) ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
වියළි කලාපයේ කුඩා වැව් 2400 ක ප‍්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙස ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් දෙයි.