ලංකාව තුළ ත්‍රස්තවාදය ෆැසිස්ට් වාදය හා අන්තවාදය මිලිටරි වශයෙන් පරාජයට පත් කර තිබුණ ද එම බලවේග තව දුරටත් දේශීයව හා විදේශීයව මතවාදීමය තලයේ ක්‍රියාත්මක වෙමින් රටේ ජාතික ආරක්ෂාව ප්‍රමුඛත්වයෙහිලා සැලකීමට සිදු වන බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා (30) කොළඹ දී ප්‍රකාශ කළේය.
විසර්ජන පනත් කෙටුම්පත 2023 කාරක සභා අවස්ථාවේ විවාදයේ අටවැනි වෙන් කළ දිනය අදයි.
වැවිලි කර්මාන්තය සඳහා ජාතික ප්‍රතිපත්තියක් ඉදිරිපත් කිරීම වෙනුවෙන් මේ වන විට සාකච්ඡා සිදු කරන බව වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අද (30) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ කටයුතු විධිමත්ව ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.