ලබන වසරේ ජනවාරි මස 04 දා සිට සතිමත්භාවය පාසල්වල පුහුණු කිරීමට බලාපොරොත්තු වන බව සභානායක අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (30) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල විනය ආරක්ෂක නිලධාරීන්ට වැඩමුළුවක් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ දී ඊයේ (29) පැවැත්විණ.
ශ්‍රී ලංකාවේ නව ප්‍රංශ තානාපති ජො ෆස්වා මහතා (28) පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය.
ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්රයේ සංවර්ධනය සඳහා ආයුර්වේද වෛද්‍ය ක්‍රමය රජයේ හා පෞද්ගලික රෝහල්වල ස්ථාපිත කිරීම පිළිබඳව කෙටි,මධ්‍යම හා දිගුකාලීන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුව, එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (26) රැස්වූ අවස්ථාවේදී සාකච්ඡා කෙරිණි.