යම්කිසි අමාත්‍යංශයක හෝ අමාත්‍ය කාර්යය මණ්ඩලයක නිළධාරියෙකු හෝ අමාත්‍යංශ නිළධාරීන් හෝ සම්බන්ධව කිසියම් වංචාවක්, දුෂණයක්, අක්‍රමිකතාවයක් සිදු කර ඇත්නම්, ඒ සම්බන්ධව දන්නා හෝ දැන සිටින කුමන හෝ තොරතුරක් ඇත්නම්, ඍජුවම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලිඛිතව පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙස කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඉල්ලීමක් කරයි.
ධර්මයට විරුද්ධව ක්‍රියා කරනවා නම්, සිවුර දැම්මා කියා ඉන් විශේෂ ආරක්ෂාවක් ලබා ගත නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (29) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
විශ්වවිද්‍යාල සිසුන්ගේ පරමාර්ථය විය යුත්තේ හැකි ඉක්මනින් සමාජගත වී තම වගකීම බාර ගැනීම බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
රටේ පවත්නා ආර්ථික අවපාතය පරදවා නැගී සිටීමට නම් නිදහස් වෙළඳ ගිවිසුම් ඇතිකරගැනීම වත්මන් ප්‍රතිපත්තිය විය යුතු බවත්, මෙරටට අවාසි සහගත තත්වයන් වළක්වාගෙන වාසි සහගත තත්වයන් ඇතිකරන නිදහස් වෙළඳ ගිවිසුම්වලට වැඩි වශයෙන් යා යුතු බවත්, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.