ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    සාර්ක් රටවල සනීපාරක්ෂක කටයුතු නැංවීම පිළිබඳ අමාත්‍ය සමුළුව ඇරඹේ

    අප්‍රේල් 10, 2018

    දකුණු ආසියානු කලාපයේ (සාර්ක්) රටවල සනීපාරක්ෂක කටයුතු පිළිබඳ 07 වැනි අමාත්‍ය සමුළුව පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරදී අද(10) ආරම්භ වේ.

    අප්‍රේල් 10 සිට 14 දා දක්වා පැවැත්වෙන මෙම සමුළුවට සහභාගිවීම සඳහා නාගරික සැලසුම් හා ජල සම්පාදන ඇමති රාවුෆ් හකීම් මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ශ්‍රී ලංකා නියෝජිත පිරිස ඊයේ(09) දිවයිනෙන් පිටත්ව ගියහ.

    දකුණු ආසියානු කලාපයේ සනීපාරක්ෂක කටයුතු විධිමත් කිරීම මෙම සමුළුවේ අරමුණයි.

    මෙම සමුළුවේදී දකුණු ආසියානු කලාපයේ (සාර්ක්) ජනතාවගේ සෞඛ්‍ය කටයුතු ඉහළ නැංවීම හා සනීපාරක්ෂක කටයුතු ප්‍රවර්ධනය කිරීම පිළිබඳ ගනු ලබන තීරණ ඇතුළත් ඉස්ලාමාබාද් ප්‍රකාශය අත්සන් කිරීම සහ ප්‍රකාශයට පත් කිරීම අප්‍රේල් 14 දා සිදු කිරීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya