ජනවාරි 19, 2025
tami eng youtube  twitter facebook

    රෝග බෝ කරන ඉස්සෙක් පිළිබඳ අසත්‍ය ප්‍රචාරයක් - අමාත්‍ය මහින්ද අමරවීර

    අප්‍රේල් 11, 2018

    රෝග බෝ කරන ඉස්සන් විශේෂයක් මෙරටට ගෙන්වා ඇතැයි සමහරු කරන අසත්‍ය ප්‍රචාරය නිසා මෙරට ඉස්සන් වගා කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වී ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    විෂ සහිත එමෙන් ඒඩ්ස් වැනි දරුණු රෝග පවා බෝ කළ හැකි ඉස්සන් විශේෂයක් මෙරටට ගෙන්වා ඇති බවට එක්තරා සංධානයක් විසින් කර තිබෙන ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් ඊයේ (10) ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ දී පැවැත්විනි.

    ''පැසිපික් කිරි ඉස්සා'' හෙවත් ළිටොපෙනේඋස් වන්නමේ නැතහොත් ''වැනමි'' යන නමින් හඳුන්වන ඉස්සන් විශේෂය දැනට ලෝකයේ රටවල් ගණනාවක විශේෂයෙන් චීනය, තායිලන්තය, මැලේසියාව, ඉන්දියාව, වියට්නාමය වැනි රටවල වගා කෙරෙන විශාල අස්වැන්නක් ලබා දෙන ඉස්සන් විශේෂයකි.

    මෙම ඉස්සන් විශේෂය මෙරටට හදුන්වා දීම සඳහා අදාල පාර්ශ්ව ගණනාවක් සමග සාකච්ඡා කළ අතර ඉස්සන් වගාකරුවන්ගේ විශේෂ චෝදනාවක් වුයේ ඉහළ අස්වැන්නක් හා ආදායමක් ලබාගත හැකි වැනමි වැනි ඉස්සන් විශේෂ මෙරටට හඳුන්වා දීම ප්‍රමාද කරන්නේද ඇයිද? යන්නයි.

    ඒ අනුව මෙම ඉස්සන් විශේෂය බෝ කිරීම සඳහා අවශ්‍ය වන මව්සතුන් පසුගිය දිනක මෙරටට ගෙන්වනු ලැබුවත් තවමත් ඔවුන් අදාල වගාව පිනිස මෙතෙක් නිදහස් කර නැත.

    එමෙන්ම මෙම මව් ඉස්සන්ට කිසිදු රෝගයක් නොමැති බව ජාත්‍යන්තරව පිළිගත් ආයතන පවා මේ වනවිට සහතික කර තිබේ. කෙසේවුවද නියාමණ ව්‍යාපෘතියක් වශයෙන් වැනමි ඉස්සන් වගාව සඳහා අදාල පර්යේෂණ තවමත් සිදු කෙරේ.

    එහෙත් එක්තරා සංධානයක් විසින් සිදු කර තිබෙන ප්‍රකාශ නිසා මේ වනවිට සමස්ත ඉස්සන් කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වී තිබේ. ශ්‍රී ලංකාවේ ඉස්සන් සඳහා දේශීය මෙන්ම විදේශීය වෙළෙඳ පොළේ ඉහළ ඉල්ලුමක් පවතී. එසේ පවතින කීර්තිනාමය මෙවැනි අනවශ්‍ය අසත්‍ය ප්‍රකාශ නිසා දැඩි බලපෑමකට ලක්වේ. පැහැදිලිවම මෙම ගැටුම තුළ එක්තරා ව්‍යාපාරික ආයතන දෙකක් සිටින අතර ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරිය අනවශ්‍ය මැදිහත්කරගැනීමක් ඔවුන් විසින් සිදු කර තිබෙන බව ද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

    ''වැනමි''ඉස්සන් වගාවෙන් විශාල අස්වැන්නක් ලබා ගත හැකි නිසා දැනට අපේ රටේ සමස්ත ඉස්සන් නිෂ්පාදනය වන මෙට්‍රික් ටොන් 750ක ප්‍රමාණය 2000 දක්වා වර්ධනය කර ගැනීමට හැකිවේ. එමෙන්ම මෙම පැසිපික් කිරි ඉස්සන් වගාවෙන් වාසි රැසක් වගාකරුවන්ට අත්වන බව මෙහිදී අවධාරණය විය.

    මෙහිදී අදහස් පළ කළ ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරියේ සභාපති උපාලි මොහොට්ටි මහතා කියා සිටියේ වැනමි ඉස්සන්ගෙන් කිසිදු ගැටළුවක් උද්ගත නොවන අතර ඒ සම්බන්ධ වගකීම වගකිව යුතු රාජ්‍ය ආයතනයක් වශයෙන් සම්පුර්ණයෙන්ම ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරිය විසින් දරන බවයි. එමනිසා මෙම ඉස්සන් සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇතිකර නොගන්නා ලෙස ද හෙතෙම පැවසීය.

     ඊට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර, අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී. විජේවීර, හා ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරියේ සභාපති
    නීතිඥ උපාලි මොහොට්ටි යන මහත්වරු සහභාගි වුහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya