ජනවාරි 19, 2025
tami eng youtube  twitter facebook

    ජාතික මදුරු මර්දන සතිය සාර්ථකව අවසන්- පරිශ්‍ර 463,827 ක් පරීක්ෂාවට

    අප්‍රේල් 12, 2018

    නිරිත දිග මෝසම් වැසි සමයත් සමග ඇතිවිය හැකි ඩෙංගු වසංගත තත්වය වලක්වා ගැනීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඩෙංගු මර්දනය පිළිබද ජනාධිපති කාර්ය සාධක බලකායේ මූලිකත්වයෙන් මුළු දිවයිනම ආවරණය වන පරිදි 2018 අප්‍රේල් 03 – 09 දක්වා ක්‍රියාත්මකවූ ජාතික මදුරු මර්දන සතිය ඉතා සාර්ථකව නිමකළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    එහිදී දිවයින පුරා ඩෙංගු වැඩි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ටාශ 58ක දින 7ක්ද, අවධානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ටාශ 111ක දින 5ක්ද වශයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මකවූ අතර, අප්‍රේල් 07ත් වන සෙනසුරාදා දින පාසල් පරිශ්‍ර පරීක්ෂා කිරීමද, 08වන ඉරිදා දින ප්‍රජා දායකත්වයෙන් ශ්‍රමදාන කටයුතුද සිදුකර තිබේ.

    ජාතික මදුරු මර්දන සතිය සදහා දිනකට ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ, සිවිල් ආරක්ෂක බලකායේ සහ ප්‍රජා සෞඛ්‍ය කණ්ඩායම් සාමාජිකයන් 10,000ක් පමණ සිය සහභාගීත්වය ලබාදුන් අතර, එම කණ්ඩායම් විසින් මෙම සතිය තුලදී පරිශ්‍ර 463,827 පරීක්ෂාවට ලක්කර ඇත.

    මෙහිදී පාසල්, ඉදිකිරීම් පරිශ්‍ර, කර්මාන්තශාලා, වෙනත් අධ්‍යාපන ආයතන, ආගමික ස්ථාන සහ පොදු ස්ථාන මදුරුවන් බෝවිය හැකි සහ මදුරු කීටයන් සහිත වැඩි අවධානම් ස්ථාන ලෙස හඳුනාගෙන ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya