ජනවාරි 19, 2025
tami eng youtube  twitter facebook

    පන්සල් ඇතුළු ආගමික ස්ථාන කේන්ද්‍රකොට ගෙන ගම් දියුණු කෙරේ

    අප්‍රේල් 19, 2018

    පන්සල ගමේ සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය බවට පත් කොට සාරධර්ම රැකගනිමින් ආර්ථික වශයෙන් ගම දියුණු කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට බුද්ධ ශාසන අමාත්‍යාංශය කටයුතු කරගෙන යයි.

    ''ගමයි - පන්සලයි '' යන තේමව යටතේ ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩපිළිවෙලට ගම්වල අධ්‍යාපන දියුණුව, ආර්ථික දියුණුව, පරිසර සංරක්ෂණය, ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂා කිරීම, දහම් පාසල් හා පෙර පාසල්  පවත්වාගෙන යාම, ආදී ක්ෂේත්‍ර ගණනාවක් ඇතූළත්වන බව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (19) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී  පැවසී ය.

    අන්‍යයාගමික ජනතාව බහුලව සිටින ගම්වල දේවස්ථාන,කෝවිල්,පල්ලි කේන්ද්‍රකොට ගෙන ද මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා කීය.

    මෙම වැඩපිළිවෙල ගමේ පන්සලේ භික්ෂූන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇති බවත් මේ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බවත් අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසා
    සිටියේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya