ජනවාරි 19, 2025
tami eng youtube  twitter facebook

    ආපදා අමාත්‍යාංශයේ ලේ දන්දීමක්

    අප්‍රේල් 25, 2018

    වෙසක් පොහොය නිමිතිකොට ගෙන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සේවක වෘත්තීය සමිතිය මගින් ලේ දන්දීමේ වැඩසටහනක් ඊයේ (23) දිනය පුරා ආපදා කළමනාකරණ අමාත්‍යංශ පරිශ්‍රයේදී පැවැත්වීය.

    සුරක්ෂිත ප්‍රජාවක් සහ තිරසර සංවර්ධනයක් යන අභිමතාර්ථ සපල කර ගැනීම වෙනුවෙන් කටයුතු කරන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙසක් පොහොය නිම්ත්තෙන් විසින් මෙවැනි ප්‍රජා සක්තාර මාලාවක් සංවිධානය කර ඇත.

    මෙම සමාජ සත්කාරක වැඩසටහන් මාලාව යටතේ සංවිධානය කරන ලද මෙම වැඩසටහන තුළින් රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ ඇති වී තිබෙන රුධිර හිඟය අවම කිරීම සඳහා දායකවීමට කටයුතු කිරීම ප්‍රධාන අරමුණ විය.

    ආපදා කළමනාකරණ අමාත්‍යංශය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය යන ආයතනවල නිලධාරීන් සහ ජනතා සහභාගිත්වයේන් දිනය පුරා මෙම ලේ දන්දීමේ වැඩසටහන කියාත්මක කරන ලදී.

    ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වැඩබලන අධ්‍යක්ෂ ජෙනරාල් ආර්.පී සමරක්කොඩි මහතා ඇතුලු ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහ අමාත්‍යාංශ නිළධාරීන් පිරිසක් මේ අවස්ථාවට සහභාගීවිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya