ජනවාරි 19, 2025
tami eng youtube  twitter facebook

    මත්ස්‍ය තහනම ඉල්වත්කිරීමෙන් පසු මෙට්‍රික් ටොන් 58,578. 09ක මත්ස්‍ය අපනයනයක්

    අප්‍රේල් 25, 2018

    යුරෝපා සංගමය විසින් පනවා තිබු මත්ස්‍ය තහනම ඉවත්වීමෙන් පසුව මාස 21 තුළ මත්ස්‍යයින් මෙට්‍රික් ටොන් 58,578.09ක් ශ්‍රී ලංකාව අපනයනය කර ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

    පසුගිය රජය සමයේ යුරෝපා සංගමය විසින් අප රටේ මත්ස්‍ය අපනයනයට එරෙහිව පනවා තිබු තහනම 2016 ජුලි මස ඉවත් කරනු ලැබීය. එම මත්ස්‍ය අපනයනයට ප්‍රධාන හේතුව වුයේ එවකට පැවැති රජය විසින් යුරෝපා සංගමය විසින් මත්ස්‍ය අපනයනයේදී ක්‍රියාත්මක කළ යුතුව තිබු ක්‍රමවේද ක්‍රියාත්මක කිරීමට පියවර නොගැනීමයි.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් යුරෝපා සංගමය සමග කරන ලද සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් එම රටවලට මත්ස්‍ය අපනයනය සඳහා පනවා තිබු තහනම
    ඉවත් කළේය. ඒ අනුව 2016 ජුලි සිට 2018 මාර්තු දක්වා ගත වු මාස 21 තුළ මෙරටින් මසුන් මෙට්‍රික් ටොන් 58,578.09ක් අපනයනය කර තිබේ. ඉන් උපයා ඇති විදේශ විනිමය ප්‍රමාණය රු.මි. 92,117කි.

    මත්ස්‍ය අපනයනය තහනමට පෙර 2014 වර්ෂයේ හා තහනම පැවැති අතරතුර කාලය දෙස බලන විට මත්ස්‍ය අපනයනයේ සීග්‍ර පහත වැටීමක් පෙන්නුම් කළේය. 2014 අපනයනය කරන ලද සමස්ත මසුන් ප්‍රමාණය මෙ. ටො. 26,320කි. එය අපනයන තහනම පැවැති කාලයේ මාස 18කට ((2015 ජනවාරි සිට- 2016 ජුනි) 26,129ක් වේ. එම කාලය තුළ උපයන ලද විදේශ විනිමය ප්‍රමාණය රු.මි. 2103කි. 2018 වසරේ ජනවාරි හා මාර්තු මාස තුනක කාලය තුල පමණක් මෙ. ටො. 7174.8ක් අපනයනය කර ඇති අතර ඉන් උපයා ඇති මුදල රු.මි. 11,804.4කි.

    මත්ස්‍ය අපනයන තහනම පැනවීමත් සමග මසුන් අපනයනය කරනු ලබන කර්මාන්ත විශාල ප්‍රමාණයක් වැසී ගියේය. එහෙත් මේ වනවිට අප රටේ මත්ස්‍ය සැකසුම් කර්මාන්ත සංඛ්‍යාව 34 සිට 68 දක්වා ඉහළ ගොස් තිබෙන අතර ශ්‍රී ලංකාවෙන් අපනයන කරනු ලබන ටුනා මසුන් මෙන්ම ඉස්සන්, පොකිරිස්සන්, කකුලුවන් වැනි මත්ස්‍ය විශේෂ සඳහා ජාත්‍යන්තර ඉල්ලුම ඉහළ ගොස් තිබේ.

    මෙම තොරතුරු අනාවරණය කරන ලද්දේ පසුගියදා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා අමාතයාංශයේ දී පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමක දීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya