ජනවාරි 20, 2025
tami eng youtube  twitter facebook

    දිනකට හෘද රෝගීන් 150 ක් මිය යන බවට මාධ්‍ය සංඛ්‍යාලේඛණ ලබාගත්තේ කෙසේ දැයි සුව ඇමැති ප්‍රශ්න කරයි

    අගෝස්තු 01, 2018

    දිනකට හෘද රෝගීන් 150 – 200 අතර සංඛ්‍යාවක් මරණයට පත්වන බවට මාධ්‍ය මගින් පළ කර ඇති වාර්තා සදහා සංඛ්‍යාලේඛණ සපයා ගත්තේ කෙසේ දැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රශ්න කර සිටියි.

    ස්ටෙන්ස් ඇතුලු සියලුම ඖෂධ සහ උපකරණ ද ලබා දී ඇත. කුරුණෑගල සහ අනුරාධපුර රෝහල්වලට හෘද රෝග ශල්‍ය වෛද්‍යවරුන් ලබා දී තිබේ. යාපනය සහ අනුරාධපුර රෝහල්වලට තවත් හෘද රෝග ශල්‍ය වෛද්‍යවරුන් 2019 වනවිට ලබාදීමටත් පියවර ගෙන ඇත. නමුත් මෙම රෝහල්වල හෘද රෝග ශල්‍ය වෛද්‍යවරු නොමැති නිසා ශල්‍යකර්ම කළ නොහැක. ඒ සදහා වෙනත් රෝහල් ඇත.  

    වෙළෙදපොළේ අලෙවි වන ස්ටෙන්ස් මිල ගැසට් නිවේදනයක් මගින් අඩු කර තිබේ. ඒ අනුව වෙළෙදපොලේ රුපියල් 75,000 කට අලෙවි වූ ලෝහමය ස්ටෙන්ස් රුපියල් 24,000 ක් දක්වා මිල අඩු කර ඇත. රුපියල් ලක්ෂ 03 1/2 කට අලෙවි වූ ඖෂධ මුදාහරින ස්ටෙන්ස් මිල රුපියල් එක්ලක්ෂ 5000 දක්වා මිල අඩු කර ඇත.තව ද හෘද රෝගීන් පැය 02 ක් තුල කඩිනමින් රෝහල් කරා රැගෙන ආවොත්Tenectaplace නැමැති එන්නත ලබාදීමෙන් රෝගියාට සුවය ලබා නිවසට යා හැකිය. ඒ සදහා අවශ්‍ය Tenectaplace ඖෂධය රෝහල්වලට ලබා දී ඇත.
    සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රථම හෘද රෝගීන් 06 දෙනෙකුගෙන් 05 ක් මිය යන බව හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන් සදහන් කරයි. නමුත් මෙම ක්‍රියාමාර්ග හේතුවෙන් මේ වන විට හෘද රෝගීන් 06 දෙනෙකුගෙන් වැඩිමනක් වශයෙන් එක් අයෙකු පමණක් මිය යන බව හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන් අවධාරණය කර සිටියි. තව ද කල්මුණේ අෂ්රොෆ් රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයා ප්‍රකාශ කරන්නේ සෞඛ්‍ය අමාත්‍යවරයා ගත් ඉහත කී ක්‍රියාමාර්ග හේතුවෙන් එම රෝහලට ඇතුලත් කළ කිසිදු හෘද රෝගියෙකු මේ වන විට මියගොස් නැති බවයි.  
    මෙවැනි ක්‍රියාමාර්ග හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට සහ ශල්‍යකර්ම සිදු කර ගැනීමට පැමිණෙන රෝගීන්ගේ සංඛ්‍යාව වැඩි වී ඇත. එම නිසා කොළඹ ජාතික රෝහලේ පැය 24 පුරා හෘද රෝග ඒකකයේ සැත්කම් සිදු කරනු ලබයි.  ඒ අනුව මසකට ශල්‍යකර්ම 450-500 අතර සංඛ්‍යාවක් සිදු කරනු ලබයි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya