ජනවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    මාතලේ සමෘද්ධි හිමිකම්ලාභීන් 4500 කට අගමැති අතින් හිමිකම් ප්‍රදානය කෙරේ

    ජූනි 02, 2019

    තෝරාගත් ලක්ෂ හයකට හිමිකම් ප්‍රදානය කිරීම සදහා වත්මන් රජය මගින් ගෙන යන වැඩසටහන යටතේ මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රතිලාභන් 4500 කට ප්‍රතිලාභ පිරි නැමීම ඊයේ (1) මාතලේ එඩ්වඩ් ක්‍රීඩාංගනයේදි පවත්වන ලදී.


    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේදී මාතලේ දිසත්‍රික්කයේ නව සමෘද්ධි ප්‍රතිලාභීන් 4500 කට සමාද්ධි සහනාධාර හිමිකම් ප්‍රදානය සිදු කරන ලදී.
    මෙවර සමෘද්ධි හිමිකම් ප්‍රදානයේදී මාතලේ දිස්ත්‍රික්කයෙන් 11000 කට අධික පිරිසකට සමෘද්ධි හිමිකම් හිමිවන අතර, ඉදිරි සතියේදී ඔවුන්ට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් එම හිමිකම් පත්‍ර ලබා දීමට නියමිතය.
    ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය දයා ගමගේ , සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සහ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ යන අමාත්‍යවරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

    DMU/Matale

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya