පෙබරවාරි 28, 2025
tami eng youtube  twitter facebook

    හෙඳ උපාධිය පිරිනැමීම ඇතුළු හෙඳ ක්ෂේත්‍රයේ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡවක්

    දෙසැම්බර් 09, 2019

    රාජ්‍ය සේවා එක්සත් හෙඳ සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිපාණන් ඇතුලු එම සංගමයේ නිලධාරින් පිරිසක් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය සමඟ සිය වෘත්තීන්ට අදාළ කරුණු සම්බන්ධයෙන් සාකච්ඡාවක නිරත විය.

    මෙම සාකච්ඡාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අමාත්‍ය කාර්යාලයේ දී පැවැත්විනි.

    මෙහිදී නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශණය වන “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශණයේ සඳහන් සෞඛ්‍ය සේවාව නඟා සිටුවීමට අදාළ කරුණු ක්‍රියාත්මක කිරීම පිළිබදව අවධානය යොමු කරන ලදි.

    රාජ්‍ය සේවා එක්සත් හෙඳ සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිපාණන් ඇතුලු එම සංගමයේ නිලධාරින් පසුගිය වසර හතර හමාරක කාලය පුරාවට හෙඳ ක්ෂේත්‍රයට අදාළ නොවිසදුනු ප්‍රශ්න හා ගැටළු පිළිබඳ අමාත්‍යවරිය දැනුවත් කිරීමට මෙහිදී පියවර ගන්නා ලදි.


    විශේෂයෙන් හෙදියන් සදහා හෙඳ උපාධිය පිරිනැමීම පිළිබඳව කඩිනම් පියවර ගන්නා ලෙස අමාත්‍යවරියගෙන් ඉල්ලා සිටින ලදී. ඒ අනුව හෙඳ උපාධිය පිරිනැමීම පිළිබඳ අමාත්‍යතුමිය සිය එකඟතාවය පළ කරන බව ද ප්‍රකාශ කළාය. එම සංගමය විසින් සාකච්ඡාවට ගත් ප්‍රධාන කරුණූ වලට අමතරව හෙඳ සේවාවේ උසස්වීම්, ස්ථානමාරුවීම් සහ සුබසාධන කටයුතු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදී.

     

    මෙම සාකච්ඡා සඳහා රාජ්‍ය සේවා එක්සත් හෙඳ සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිපාණන්, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ ලේකම් පී.එම්.එස් චාල්ස් මහත්මිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, අමාත්‍යාංශයේ නිලධාරින් සහ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය නියෝජනය කරමින් නිලධාරීන් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya