පෙබරවාරි 28, 2025
tami eng youtube  twitter facebook

    අවතැන්ව සිටින ජනතාවට කඩිනම් සහන සළසන්නැයි උපදෙස්

    දෙසැම්බර් 09, 2019

    බදුල්ල, මොරගොල්ල, තෙල්බැද්ද වතු යායේ වෙස්ටමෝලන් කොටස නායයෑමේ අවධානම හේතුවෙන් අවතැන්ව සිටින ජනතාවට කඩිනම් සහන සළසන්නැයි අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිස්ංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දෙයි.

    අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදීම සිදු කරනු ලැබුවේ, එම ජනතාවගේ සුවදුක් විමසීම සඳහා එහි ගිය අවස්ථාවේදීය.

    වතු යාය නාය යෑමේ අවධානම හේතුවෙන් පවුල් 41 කට අයත් පුද්ගලයින් 178 දෙනෙකු අවතැන්ව සිටින අතර කුඩා ළමුන් 35 දෙනෙකු ඒ අතර වෙයි. ඔවුන් මොරගොල්ල වල්ලුවර් දෙමල විද්‍යාලයේ තාවකාලිකව රඳවා සිටියි.

    අවතැන් ජනතාවට අවශ්‍ය ආහාර පානීය ජලය සනීපාරක්ෂක පහසුකම් ලබාදීම පිළිබඳව අමාත්‍යවරයා මෙහි දී සොයා බැලීම සිදු කළ අතර ඔවුන්ට ස්ථිර නිවාස සකස් කර දීම කඩිනමින් සිදු කරන බවද පැවසීය.

    ස්ථිර නිවාස සකස් කර දෙන තෙක් එම ජනතාව සුරක්ෂිත අවශ්‍ය පහසුකම් ඇති ස්ථානයක පදිංචි කරවන ලෙස බලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

    අවතැන් ජනතාව සදහා අත්‍යවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය තොගයක් ද මෙහිදී ලබාදීම අමාත්‍යවරයා අතින් සිදු විය.

    මෙම අවස්ථාවට බදුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති රම්‍ය සිරි මන්තිලක වතු අධිකාරී ප්‍රගීත් සේනානායක බදුල්ල පොලිස් ස්ථානාධිපතිතුමා ඇතුළු රාජ්‍ය නිලධාරින් ඇතුළු පිරිසක් එක් විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya