පෙබරවාරි 28, 2025
tami eng youtube  twitter facebook

    සනීපාරක්ෂාව හා සෞඛ්‍ය පිළිබඳ කලාපීය වැඩමුළුව අද

    දෙසැම්බර් 09, 2019

    දකුණු ආසියානු කලාපීය සනීපාරක්ෂාව හා සෞඛ්‍ය පිළිබඳ වේගවත් ක්‍රියාකාරී ඉගෙනීම සඳහා වූ වැඩමුළුව අද (9) ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් මීගමුව, ගෝල්ඩි සෑන්ඩ් හෝටලයේ දී ආරම්භ වේ.


    සාර්ක් කලාපීය රටවල්වල නියෝජිතයන් හැට දෙනෙකු සහභාගීවන අතර ලබන 11වැනි දා දක්වා පැවැත්වීමට කටයුතු සම්පාදනය කර ඇත.
    මේ සඳහා සාමාජික රටවල නියෝජිතයන්, ශ්‍රී ලංකාවේ අදාළ විෂය පිළිබඳ වෘත්තිකයන්, ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ අදාළ නිලධාරීන් සහ දේශීය හා ජාත්‍යන්තර සංවිධාන නියෝජිතයන් සහභාගීවීමට නියමිතය.

    ජල සම්පාදන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කරන කලාපීය සනීපාරක්ෂාව පිළිබඳ මධ්‍යස්ථානය සහ ලෝක ජලය හා සනීපාරක්ෂාව පිළිබඳ වූ සහයෝගීතා සංවිධානය ආධාර ඇතිව මෙම කලාපීය වැඩමුළුව සංවිධාන කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya