2020 වසරේ විවාහක රූ රැජින තරගය මෙවර පැවැත් වුණේ ඇමරිකාවේ ලාස්වේගාස් නුවර දීය. මේ සදහා රටවල් 51 ක් නියෝජනය කරමින් රූමතියන් එක්ව සිටියහ. අවසන් මහා තරගයේ දී ලෝක රූ රැජින කිරුළ හිමිකර ගත්තේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එම තරඟයට සහභාගී වූ කැරොලින් ජූරි මහත්මිය විසිනි.
දෙවන හා තෙවන ස්ථාන හිමි වුයේ අයර්ලන්තයට හා වර්ජින් දූපත් රාජ්‍යයට වේ. කැරොලින් ජූරි ලෝක විවාහක රූ රැජින තරගයට සුදුසුකම් ලැබුවේ පසුගිය ඔක්තෝබර් මස පැවැති ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගයෙන් පළමු ස්ථානය දිනා ගනිමිනි. 2019 වසරේ ලෝක රූ රැජින කිරුළ දිනාගත් වියට්නාමයේ ජෙනිෆර් ලේ විසින් කැරොලින් ජූරි වෙත කිරුළ පළදවන ලදි.
1984 වසරේ දී ලෝක විවාහක රූ රැජින කිරුළ ශ්‍රී ලංකාවට හිමි කර දුන්නේ රෝසි සේනානායක මහත්මිය බව සිහි පත් කළ අමාත්‍යවරිය, කැරොලින් ජූරි දිරිය කාන්තාවක් බවත් නොසැලී අභියෝග වලට මුහුණ දෙමින් ශක්තිමත්ව අරමුණු ජයගනිමින් සමස්ත කාන්තාවන්ටම මහත් ආදර්ශයක් ලබාදුන් බවත්, කිරුළ දිනාගැනීමෙන් පසු අදහස් දක්වමින් “වෛරය හා ආතතිය නිසා පීඩාවට පත් ළමයින්ට සහාය දෙන්න මට පුළුවන්” යන ප්‍රකාශය ද ඇගයීමට ලක් කරන ලදි.