ආරක්ෂක ලේකම්වරයා මේ බව පවසා ඇත්තේ, ඊයේ (08) පන්නිපිටිය, බෝගහවත්ත ප්‍රදේශයේ පැවති උත්සවයකින් පසු මාධ්‍යට අදහස් දක්වමිනි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, තමන් විශ්වාස කර භාර දුන් රාජකාරිය, වගකීම එතුමා බලාපොරොත්තු වනවාටත් වඩා විශිෂ්ට ලෙස ඉටු කිරීමට තමන්ට අවස්ථාව සහ හැකියාව තිබෙන බව විශ්වාස කරන බව ඒ මහතා කියා සිටියේය.
පාස්කු ඉරිදා ප්‍රහාරය ඇතිවන්නට ප්‍රධානතම හේතුව නොසැලකිලිමත්කම සහ නොදැනුවත්කම බවත්, මෙරට වගකිව යුතු තනතුරුවලට වගකිවයුත්තන් නොමැති වීමත්, රටේ ජාතික ආරක්‍ෂාව පිළිබඳව මෙන්ම තමන්ට හිමි වගකීම කුමක් ද යන්න නොදන්න පුද්ගලයින් පත්කිරීමත් යන හේතුන් දෙකෙහි සංකලනය මත එවැනි ප්‍රහාරයක් ඇතිවූ බවත් මෙහි දී පවසා සිටියේය.
එමෙන්ම, පදික වෙළෙන්දන් සහ සිඟමන් යදින පුද්ගලයින් ඉවත්කිරීමට ජනාධිපති තුමා කිසිවිටෙක පොලිසියට උපදෙස් දී නොමැති බවත්, ඒවා විරුද්ධවාදීන් විසින් ගෙන යන අසත්‍ය ප්‍රචාර බවත් කියා සිටි අරක්ෂක ලේකම් වරයා නැවතවරක් එල්.ටී.ටී.ඊ සංවිධානය හිස ඔසවන ලෙසට අන්තර්ජාතික දෙමළ ඩයස්පෝරාව වැඩකටයුතු කරන බවත්, ඒ සඳහා මුදල් යොදවන බවත්, පැවසිය. මේ දිනවල කතාබහට ලක්ව ඇති ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නාටකයත් එම දෙමළ ඩයස්පෝරාවේම කොටසක් බවත් මෙහි දී පවසා සිටියේය.
ස්විස්ටර්ලන්ත තානාපති කාර්යයාලයේ වැඩකරන කාන්තාව ශ්‍රී ලංකා පුරවැසියෙකු බවත්, ශ්‍රී ලංකා පුරවැසියෙකුට ආරක්ෂාව සැපයීම ශ්‍රී ලංකාවේ නිතිය හා සාමය පිළිබඳව කටයුතු කරන ආරක්ෂක අංශ වලට අයත් බවත්, ශ්‍රී ලංකා පුරවැසියෙකු යම්කිසි කරදරයක් වූ බව පවසා පැමිණිල්ලක් ඉදිරිපත් කළහොත් ඒ පිලිබඳ පරීක්ෂණයක් පැවැත්වීම තම ආරක්ෂක අංශ වල වගකීම වන බවත් පවසන ලදී.
මේ වන විට ඊට අදාළ කරුණු පිළිබඳව සොයා බලා පරීක්ෂණයක් සම්පුර්ණයෙන්ම පවත්වා අවසන් බවත්, විදේශ අමාත්‍යංශය හරහා රට තුළ පවත්නා සියලුම තානාපති අංශ දැනුවත් කර ඇති බවත්, මෙහි දී ඒ මහතා පවසා සිටියේය.
බ්‍රිතාන්‍යයේ වෙස්මිනිස්ටර් අධිකරණයෙන් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා සම්බන්ධයෙන් නඩු තීන්දුව ලංකාවට කුමන ආකාරයෙන් දැනුම් දී තිබෙන්නේ ද යන්න මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා කියා සිටියේ, තානාපති මුක්තිය තිබෙන අයෙකුට ඒ කාලයේ ඒ කාලයේ දෙයක් පිළිබඳව දඬුවමක් උසාවියකින් නියම කරන්නට පුළුවන්කමක් නැති බවයි. එමෙන්ම, පිළිබඳව පුදුමයට පත් වන බව පැවසිය. මේ පිළිබඳව ඒ මහතාගේ පුද්ගලික මතය ලෙස, දෙමළ ඩයස්පෝරාවේ එල්.ටී.ටී.ඊ හිතවාදීන්ගේ උපකාරයෙන් බලයට පැමිණෙන එම රටේ දේශපාලනඥන්ගේ උත්සාහයේ ප්‍රතිඵලයක් වන්නට ඇති බව පවසා සිටියේය.
බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාගේ දඩ මුදල ගෙවීම සඳහා අපේ රටේ මිනිසුන්ගේ සංවිධාන ගණනාවක් ඉදිරිපත් ව ඇති බවත්, එවැනි දඬ මුදලක් ගෙවීමේ අවශ්‍යතාවයක් තමන් සිතන විදියට අවශ්‍ය නොවේවි යැයි පැවසු ඒ මහතා විදේශ අමාත්‍යංශයෙන් ඒ පිළිබඳව කටයුතු කරනු ඇති බවත්, එංගලන්තයේ පැවතී අප රටේ තානාපති කාර්යාලයෙන් ඒ පිළිබඳව කටයුතු කරනු ඇති බවත් මෙහිදී පවසා සිටින ලදී.
එමෙන්ම, නව බුද්ධි අංශ ප්‍රධානියා පත් කිරීම පිළිබඳව ද මෙහි දී අදහස් කිහිපයක් දැක්වීය. රටේ ආරක්ෂාව තහවුරු කරන්නට නම් බුද්ධි අංශ ක්‍රියාමාර්ග නිසියාකාර ව දන්නා අයෙකු මෙන්ම ඒ පිළිබඳ හසල දැනුමක්, හසල බුද්ධියක් මෙන්ම අත්දැකීම් සම්භාරයක් ඇති නිළධාරීන් නැවත රාජකාරියට පත් කිරීමෙන් හොඳ ක්‍රියාමාර්ගයක් ගත් බවත්, එය සම්පුර්ණයෙන්ම සාර්ථක වනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් කියා සිටියේය.