(19) පාර්ලිමේන්තුවේදී හේෂා විතානගේ මන්ත්‍රීවරයා වාචිකව ඉදිරිපත් කරන ලද ප්‍රශ්නයකට විෂය භාර අමාත්‍යවරයා ලෙස පිළිතුරු දෙමින් ඒ මහතා මෙසේ අවධාරණය කළේය.
ඇඹිලිපිටිය කඩදාසි කම්හල පිහිටා ඇති භූමිභාගය ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සතුව තිබුණත් එය කඩිනමින් ඇඹිලිපිටිය කඩදාසි කම්හල අයත් ජාතික කඩදාසි සමාගමට නීත්‍යනුකූලව පවරා
ගැනීමට දැනටමත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ද මෙහිදී වීරවංශ අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ජාතික කඩදාසි සමාගමට අයත් ඇඹිලිපිටිය කඩදාසි කම්හල ඈවර කළ අවස්ථාවේදී එය මිලදී ගත් පුද්ගලයා එහි යන්ත්‍ර සූත්‍ර බැංකුවකට උකසට තබා ණය ලබාගෙන රටින් ද පැන ගොස් තිබූ බව
ද අමාත්‍යවරයා හේෂා විතානගේ මන්ත්‍රීවරයාට සිහිපත් කළේය.
වාලච්චේන කඩදාසි කම්හලට පණ දුන්නා සේ ඇඹිලිපිටිය කඩදාසි කම්හලට ද යළි පණ දීමේ අරමුණින් ඒ පිළිබඳව සොයා බැලූ බවත් ඉහත කී ණය මුදලෙන් කොටසක් අදාළ බැංකුවට ගෙවා
යන්ත්‍ර සූත්‍රවල අයිතිය මේ වන විට දේශීය ව්‍යාපාරික මහතකු ලබාගෙන ඇති බව එහිදී තමන්ට දැන ගැනීමට ලැබුණු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
එම දේශීය ව්‍යාපාරිකයාගේ කැමැත්ත වූයේ මෙම කම්හල පෞද්ගලික ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාම වුවත් තමන් සමග පැවති සාකච්ඡාවලින් අනතුරුව මෙම අමිල ජාතික සම්පත,
ජාතික කඩදාසි සමාගම සමඟ රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්වයක් යටතේ ඇරඹීමට එකගව ඇති බව ද වීරවංශ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. ඒ අනුව නුදුරේදීම ඇඹිලිපිටිය කඩදාසි
මෙරට ජනතාව අතට පත් වීමට නියමිත බව ද කර්මාන්ත අමාත්‍යවරයා පැවසීය.