මෙම බලශක්ති උත්පාදනය හා කළමනාකරණයේදී මුහුණදීමට සිදුවන ගැටලු සඳහා ප්‍රායෝගික විසඳුමක් වන්නේ කෙටිකාලීනව ක්‍රියාකළ හැකි පාරිසරික හානිය අවම වන බලශක්ති උත්පාදන ක්‍රමවේදයකි.
නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්‍යේෂණ හා නව නිපැයුම් අමත්‍යංශය යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම, සුනිත්‍ය බලශක්ති අධිකාරිය සමඟ එක්ව
පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සඳහා නව නිපැයුම්කරුවන් හට දොරගුළු විවර කර තිබේ. ඒ අනුව පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සඳහා නව අදහස් , නව නිර්මාණයන් සතු
නවෝත්පාදකයින් වේනම් නව නිර්මාණ දැනටමත් ඔබ සතුනම් හෝ නව නිර්මාණ නිපදවීමට ඔබ උනන්දුනම් ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම සමඟ එක්ව එය යථාර්ථයක් කරගත
හැකි වේ.
වැඩි විස්තර - 011 2 676 650 , This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
Whats APP - 070 2352 685
ජාතික අර්බුදයට විසඳුම් සෙවීමට හා හරිත ආර්ථිකයක් උදෙසා පුනර්ජනනීය බලශක්ති උත්පාදනයට දායක වීම හරහා නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්‍යේෂණ හා නව නිපැයුම්
අමාත්‍යංශය තුළින් රටෙහි අනාගතය උදෙසා නවෝත්පාදිත තාක්ෂණයේ නව නියමුවන් රටට දායද කළ හැකිය.