අධිකරණය දූෂිතයැයි පවසන්නන් වෙනුවෙන් කළුපටි පළඳින විපක්ෂයක් ව්‍යවස්ථාදායකය තුළ සිටීම අවාසනාවන්ත තත්වයක් බවද අමාත්‍යවරයා කීය. නීති හදන පාර්ලිමේන්තුව තුළදී අධිකරණයට අපහාස නොකළ යුතු බවත් විපක්ෂය මීට වඩා වගකීමෙන් යුතුව වැඩ කළ යුතු බව පැවසූ අමාත්‍යවරයා මෙම රජය තුළ යම් දූෂිතයෙක් සිටී නම් ඔහුට විරුද්ධව තමාද පෙනී සිටින බව අමාත්‍යවරයා කීය.
වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ කොරෝනා වසංගතය හමුවේදී විවිධ සහණ ලබා දෙමින් වත්මන් ආණ්ඩුව ගැසට් නිවේදන 60ක් පමණ නිකුත් කර ඇති බවත් ඒ පිළිබඳව කිසිවෙක් සඳහන් නොකරන බවයි.
පසුගිය සමයේ සීනි ආනයනයේදී රජය බදු සහණ ලබා දුන් බවත් මෙහිදී සතොස ආයතනයට යම් පාඩුවක් සිදු වී ඇත් දැයි පරීක්ෂණ පැවැත්වෙන බවත් පැවසූ අමාත්‍යවරයා මේ සම්බනධයෙන් යම් වංචාවක් කළ අය සිටී නම් ඔවුන්ට නිසි දඩුවම් ලබා දීමට කටයුතු කරන බවද කීය. තමා කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් පත් වූ අවස්ථාවේදීම සිදු වූ පොහොර වංචාවක් සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගත් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ සීනි ආනායනයේදී වංචාවක් සිදු වී ඇත්නම් ඉදිරිපත් කරන ලෙස තමා අභියෝග කරන බවයි.
වසර 2024 වන විට මෙරටට අල, ලූණු , මිරිස් ආනයනය සම්පූර්ණයෙන් නවතා දමන බව පැවසූ කෘෂිකර්ම අමාත්‍යවරයා මෙරට බීජ ගම්මාන ඇති කර නිෂ්පාදනය 35%කින් වැඩි කරන බවද කීය. කව්පි , මුං ඇට, සෝයා බෝංචි, අර්තාපල් වැනි භෝග ආනයනය කිරීම සඳහා විශාල මුදලක් වැය කරන බවත් එම නිෂ්පාදනය වැඩි කිරීමට පියවර ගත යුතු බවයි.