ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා ඉදිරිපත්කර ඇති සභාව කල් තැබීමේ යෝජනාව විවාදයට ගත් අවස්ථාවේදී එම විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද විවිධ නීතී රෙගුලාසි යටතේ අමාත්‍යවරුන් විසින් ඉදිරිපත් කරනු ලබන අතිවිශේෂ ගැසට් පත්‍රයන් මඟින් පළකරනු ලබන නියෝග ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් මෙම සභාව කල්තැබීමේ යෝජනාව ඉදිරිපත් කර ඇත.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යනු රටේ ප්‍රධාන කුළුණු 03 බවත් තමන්ගේ පරාජිත මතය භාවිතා කිරීමට අධිකරණයට ගියහොත් එය රටේ කඩා වැටීමට හේතුවන බවයි. මේ වන විට රජය අධිකරණ ක්ෂේත්‍රය ශක්තිමත් කරමින් සිටින බවද අමාත්‍යවරයා කීය. පැවති යහපාලන ආණ්ඩුව රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා අධිකරණයට අපහාස කිරීමට යොදා ගත් බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. අධිකරණ පද්ධතිය කෙරෙහි ජනතාව තුළ ඇති විශ්වාසය කඩා දමමින් පටු දේශපාලන අරමුණු ඉටු කර ගැනීම වෙනුවෙන් එම රජය කටයුතු කළ බවද සඳහන් කළේය.