වන අලි රක්ෂිතය කඩිනමින් ගැසට් කරන ලෙස ඉල්ලමින් හම්බන්තොට ප්‍රදේශයේ ගොවීන් හත්දෙනෙකු විසින් අරඹා ඇති අඛණ්ඩ සත්‍යග්‍රහය සහ එයට ලබාදෙන විසදුම් සම්බන්ධයෙන්
වනජීවී අමාත්‍ය සී. බී. රත්නායක මහතාගෙන් රජයේ නිල පුවත් වෙබ් අඩවිය කළ විමසීමේදී අමාත්‍යවරයා පැවසුවේ, වන අලි රක්ෂිතය කඩිනමින් ගැසට් කිරීමේ යෝජනාව පෙබරවාරි මුල් සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනා බවයි.
පසුගිය 11 වනදා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේද සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාවේදී එම වන අලි රක්ෂිතය ගැසට් කිරීමේ යෝජනාව පිළිබදව සාකච්ඡා කළ බවද, එයට
අනුමැතිය හිමිවී ඇතත් යම් යම් නිර්ණායක සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කර තීරණ වලට එළඹිය යුතු බැවින් තවත් සුළු කාලයක් වැය වුණද හැකි ඉක්මණින් එම ගැටලුවට විසදුම් ලබාදී අලි මිනිස් ගැටුමට ඉදිරියේදී ස්ථිරසාර වැඩපිළිවෙලක් දියත් කරන බවද අමාත්‍යවරයා කියා සිටියේය.