මෙරටට ළඟා වූ පළමු වාණිජ ගුවන් යානය ඕමානයේ මස්කට් නුවර සිට ගුවන් මගීන් 49 දෙනෙකු රැගෙන පෙ.ව.7.40ට ගුවන් තොටුපොළ වෙත ළඟා විය, පැමිණි ගුවන් මගීන් සියලු දෙනා සෞඛ්‍යාරක්ෂිතව නිරෝධායනය සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව විසින් රැගෙන යාමට පියවර ගත් බවත් පැවසීය.
ශ්‍රී ලංකා ගුවන් සමාගමට අයත් ගුවන් යානයකින් ලාංකික මගීන් 24ක් මාලදිවයින වෙත රැගෙන පිටත් වූ අතර, ඉදිරි පැය කිහිපය තුළ මාලදිවයින,කරච්චි,ලාහෝර්,බහරේන් යන රටවල් වලින් ශ්‍රී ලංකා ගුවන් සමාගමට අයත් ගුවන් යානා මගින්(Sri Lankan Airways) මගීන් රැගෙන ඒමට නියමිත බවත්,තායිලන්ත ගුවන් සමාගමට අයත් ගුවන් යානා (Thai Airways) හරහා බැංකොක් සහ ඩුබායි රාජ්‍යයන්ගෙන්ද ලංකාවට මගීන් පැමිණීමට නියමිත බවත් ආචාර්ය සුමිත් ද සිල්වා මහතා පැවසීය.