පෙබරවාරි 28, 2025
tami eng youtube  twitter facebook

    හොංකොං හි නව කොරෝනා ව්‍යප්තිය- කොරෝනා වැළැක්වීමේ සහ පාලනය කිරීමේ පියවර රැසක්

    ජනවාරි 22, 2021

    හොංකොං හි වර්ධනය වෙමින් පවතින නව කොරෝනා සමඟ, විදේශීය ගෘහ සේවිකාවන් සහ ඔවුන්ගේ සේවා යෝජකයින් වෙනුවෙන් නිරෝධායනය ඇතුළුව කොරෝනා වැළැක්වීමේ සහ පාලනය කිරීමේ පියවර රැසක්....

    හොංකොං හි වර්ධනය වෙමින් පවතින නව කොරෝනා සමඟ, රට තුළට පැමිණෙන, විදේශීය ගෘහ සේවිකාවන් සහ ඔවුන්ගේ සේවා යෝජකයින් ඇතුළු සංචාරකයින් සඳහා අනිවාර්ය නිරෝධායනය ඇතුළුව කොරෝනා වැළැක්වීමේ සහ පාලනය කිරීමේ පියවර රැසක් එරට රජය විසින් යාවත්කාලීන කර ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

    රැකියා කොන්ත්‍රාත් කාලය 2021මාර්තු 31 දිනට හෝ ඊට පෙර අවසන්වන , විදේශීය ගෘහ සේවිකාවන් සඳහා හොං කොං රජය විසින් රැකියා කොන්ත්‍රාත්තුව අළුත් කිරීමේ වලංගු කාල සීමාවන්ද තවත් මාස තුනක් දක්වා දීර්ඝ කර ඇත.

    කෙසේ වෙතත් මේ වන විට කොන්ත්‍රාත් කාලය කල් ඉකුත්වී ඇති විදේශීය ගෘහස්ථ සහායකයින්ට හොංකොං හි රැඳී සිටීමේ සීමාව දීර්ඝ කිරීම සඳහා ඉල්ලුම් කළ නොහැකි අතර ඔවුන්ගේ රැකියා සම්බන්ධතා අවසන් වූ දින සිට සති දෙකක් ඇතුළත හොංකොං වෙතින් පිටවිය යුතු බව හොංකොං රජය විසින් නිවේදනය කර තිබේ. විදේශීය ගෘහ සේවිකාවන්ගේ නිවාස නිවාඩු කල් දැමීම සඳහා රජය විශේෂ ලිහිල් කිරීමක්ද සංවිධානය කර තිබේ.

    මේ අතර හොංකොං කම්කරු දෙපාර්තමේන්තුව සේවා නියුක්ති පනත යටතේ සේවා යෝජකයින්ගේ සහ විදේශීය ගෘහ සේවිකාවන්ගේ බැඳීම් සහ අයිතින්ද යාවත්කාලීන කර ඇත.

    විදේශීය ගෘහ සේවිකාවන් සඳහා හොංකොං කම්කරු දෙපාර්තමේන්තුව අඛණ්ඩව COVID-19 පරීක්ෂණ පවත්වන අතර, කම්කරු දෙපාර්තමේන්තුව විසින් පසුගිය (දෙසැම්බර් 24) නිවේදනය කළේ 2021 ජනවාරි 2 සිට පෙබරවාරි 6 දක්වා කාලය තුළ නොමිලේ COVID-19 පරීක්ෂණ සේවාව අඛණ්ඩව ලබා දෙන බවය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya