ශ්‍රී ලංකා පරිපාලන සේවයේ වසර 28ක අත්දැකීම් සහිත නිලධාරිනියක වන එම මහත්මිය රුහුණු විශ්ව විද්‍යාලයේ වාණිජවේදී උපාධිය හදාරා ඇති අතර, ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය මගින් පශ්චාත් උපාධිය හදාරා තිබේ. එමෙන්ම කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනය මගින් රාජ්‍ය කළමනාකරණය පිළිබද පශ්චාත් උපාධියද හදාරා ඇත.
1992 වසරේදී ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්ව සහකාර ප්‍රාදේශීය ලේකම්, ප්‍රාදේශීය ලේකම්, අතිරේක ලේකම් වැනි තනතුරු ගණනාවක් හොබවා ඇති අතර, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනුරුත්ථාපන අමාත්‍යංශයේ රාජ්‍ය අමාත්‍යංශ ලේකම් ලෙසද කටයුතු කර තිබේ. මෙම වැඩ භාරගැනීමේ අවස්ථාවට දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල්
සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශයේ මාණ්ඩලික නිලධාරීන්, කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් සහභාගී වී සිටියහ.