රජයේ නිල වෙබ් අඩවිය(news.lk) විසින් කළ විමසුමකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
මෙරටේදී නිෂ්පාදනය කර මෙරටට ආදායමක් ලැබිය හැකි කහ භෝගය විදේශ රටවලින් ගෙනඒමට ඇති තහනම තවදුරටත් ගෙනයන බවද එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
එමෙන්ම මේ වන විට අගය එකතු කිරීමේ නිෂ්පාදන කර්මාන්ත පුරවරයක් ඇති කිරීමේ කටයුතු ඉදිරියට කරගෙන යන බවත්, එයට අදාළ කර්මාන්තශාලා මේ මස පෙබරවාරියේදී පටන් ගැනීමට නියමිත බවත්, මේ වන විට ගම්මිරිස් සඳහා අගය එකතුකිරීමේ නිෂ්පාදන සිදු කරන පෞද්ගලික කර්මාන්තශාලාවක් රජයේ ආධාර සහිතව මහරගම ප්‍රදේශයේ පටන් ගෙන ඇති බවත්, රමේෂ් පතිරණ මහතා පැවසීය.
මේ වන විට භූගෝලීය දර්ශක අගය මෙරට නිෂ්පාදනවලට ලබාගැනීමේ කාර්යයේ වත්මන් තත්වය කෙසේ දැයි කළ විමසීමට අමාත්‍යවරයා පැවසුවේ මේ වන විට ඒවා සම්බන්ධයෙන් විශ්ලේෂණ කටයුතු සිදු කෙරෙන බවත්, මෙරට කුරුඳු සම්බන්ධයෙන් යම් විරෝධතාවයක් මැඩගස්කරයෙන් එල්ලවී ඇති බවත්, එය සමනය කරගෙන ඉදිරි කටයුතු කරගෙන යන බවත් අමාත්‍යවරයා පැවසීය.