ජයවර්ධනපුර රෝහලේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත මීට ඉහත
දී උපදෙස් ලබා දී තිබූ අතර, ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යතුමිය විසින් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ක්‍රියාදාමයන් හා ක්‍රියාකාරකම් අධ්‍යයනය කර එහි කාර්යක්ෂමතාව වැඩි කිරිමට අදාල වාර්තාවක් හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් පංච පුද්ගල කමිටුවක් පත් කරන ලදි.
ජයවර්ධනපුර රෝහලේ කාර්යක්ෂමතාව වැඩිදියුණූ කිරීමට අදාලව පත් කල මෙම පංච පුද්ගල කමිටුව පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම් සීතා විතානාරච්චි මියගේ
සභාපතිත්වයෙන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වන වෛද්‍ය අතුල කහඳලියනගේ මහතා, ලංකා පෞද්ගලික රෝහලේ සභාපති විශේෂඥ වෛද්‍ය බන්දුල
විඡේසිරිවර්ධන මහතා, හිටපු නීතිපති පාලිත ප්‍රනාන්දු මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන මුල්‍ය නිලධාරී එච්. ස්වර්ණතිලක මහතා යන සාමාජිකයින්ගෙන් සමන්විත විය.
මෙම කමිටුව විසින් හදුනාගත් රෝහලේ ගැටළු, පසුබිම් තොරතුරු, රෝහලේ වර්තමාන තත්වය, රෝහල් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුගමනය කරන ලද ක්‍රියාවලියන් සහ ගැටළු, රෝහල් මණ්ඩල පනත හා සම්බන්ධ ගැටළු, පරිපාලනය හා කළමනාකරණය සම්බන්ධ ගැටළු, මූල්‍ය කළමනාකරණයේ හඳුනාගත් ගැටළු, ප්‍රවර්ධන සහ සේවා සම්බන්ධ කරුණු, සාමාන්‍ය විගණන මගින් හඳුනාගත් ගැටළු ඇතුලත් කමිටුවේ කෙටි කාලීන හා දිගු කාලීන පියවර, යෝජනාවන් ඇතුලු නිර්දේශ 36 කින් යුත් වාර්තාව මෙහිදී සෞඛ්‍ය අමාත්‍යතුමිය වෙත පිළිගන්වන ලදි.
සෞඛ්‍ය අමාත්‍යතුමිය මෙහිදී කියා සිටියේ මෙම කාර්ය අතිගරු ජනාධිපතිතුමා විසින් තමා හට පැවැරූ ප්‍රමුඛ කාර්යක් බවත්, මීට ඉහත ජයවර්ධනපුර රෝහලට ගොස් රෝහලේ
කටයුතු අධීක්ෂණයට ලක් කළ බවත්, ඒ අනුව මේ පිළිබදව හැම අංශයකම අත්දැකීම් තිබෙන කණ්ඩායමක් යොදවා උපදේශයන් ලබාගැනීමට මෙම කමිටුව පත් කළ බවයි. සෞඛ්‍ය, පරිපාලන, මුල්‍යමය, නීතිමය ක්ෂේත්‍රයන් හි හසල අත්දැකීම් ඇති පිරිසක් මේ සදහා පත් කළ බවත්, කමිටුවේ නිර්දේශ අධ්‍යයනය කිරීමෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ද සෞඛ්‍ය අමාත්‍යතුමිය වැඩිදුරටත් පැවැසීය.
මෙම වාර්තාව පිළිගැන්විමේ අවස්ථාවට සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා, සෞඛ්‍ය
අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සුනිල් ද අල්විස් මහතා එක්ව සිටියහ.