කොළඹ ජාතික රෝහල ( හදිසි අනතුරු සහ විකලාංග අංශය ) සඳහා රු.මි 12 ක වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ සහ අනෙකුත් වෛද්‍ය උපකරණ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව විසින් ප්‍රධානය කිරීම ඖෂධ නිෂ්පාදන සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රධානත්වයෙන් පැවැත්විනි.
හදිසි අනතුරු හා විකලාංග අංශය සඳහා අත්‍යාවශ්‍ය මෙම භාණ්ඩ තුළින් දෛනිකව රෝහල් සඳහා පැමිණෙන රෝගීන් සඳහා විශාල පිටිබලයක් වන අතර මීට අතමතරව කළුබෝවිල රෝහල සඳහා ද විශාල වෛද්‍ය උපකරණ ප්‍රමාණයක් මීට පෙර අවස්ථා කිහිපයකදි ලබා දී ඇත.
මෙහිදි අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍යවරයා....
මේ වන විට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව (SPMC) ආයතනය රු. බිලියනයක් පමණ ආදායමක් ලබාගෙන තිබෙනවා. එය ප්‍රසංශාවට ලක්විය යුතු කරුණක්. මීට පෙර සභාපතිවරු හිටියා ලාභ ලැබුවේ නැත්තේ ඇයි? ලාහයට මොකද වුනේ කියලා බලන්න වෙනවා. රාජ්‍ය ආයතන ලාභ ලබන්නේ නැත්තේ ඇයි කියලා හොයලා බලන්නත් සිද්ධ වෙනවා.
අද විශේෂ දවසක් ජාතික ඖෂධ නියාමන අධිකාරීය (NMR) අද තීරනය කරා කොවිඩ් 19 වසංගතය සඳහා පළමු වරට ඔක්ඩ්ෆර්ඩ් ඇස්ට්‍රාසේනික එන්නත ලබා දීමට අනුමැතිය ලබා දීම. ලංකාවේ කොවිඩ් 19 සඳහා එන්නතක් ලබාදෙන පළමු අවස්ථාව මෙයයි. පසුගිය දවස්වල අපෙන් ඇහුවා භූතානය, නේපාලය, මාලදිවයින වැනි රටවල් මෙම එන්නත පාවිච්චි කරන්නේ නම් ඇයි අපි ලබා දෙන්නනේ නැත්තේ කියලා. පසුගිය සියවසකට ආසන්න කාලයක සිට අපේ රටේ ප්‍රතිශක්තිකරණය අතින් ඉතා ඉහළ රටක්, තව ටික දවසකින් අපේ රටට එන්නත ලැබෙනවා යැයි ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාවට ඖෂධ නිෂ්පාදන සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මැතිතුමා, ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මැතිනිය, ඖෂධ නිෂ්පාදන සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් කේ.ආර්. උඩුවාවල මහතා. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ (SPMC) සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගි විය.